ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා පාසැල් පද්ධතිය තුල අද (26) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
රටේ සිටින සියලුම පාසැල් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය ලබා දෙන බවත් මින් සැළකිය යුතු පිරිසක් කොළඹ කොටුව දුම් රියපල ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට එක්වන බවත් එම සන්ධානය පවසයි.
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති නමුත් මේ දක්වා විසඳුම් ලබා දී නොමැති බවයි.