පුවත්

ගුරු-විදුහල්පති වර්ජනය හෙටත්

Published

on

වැටුප් විශමතාවන්ට නිසි විසඳුම් ඉල්ලමින් දිවයින පුරා ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (26) ආරම්භ කර තිබුණි.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබුණු මෙම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් පාසල් රැසක අධ්‍යාපන කටයුතු දැඩි ලෙස අඩාලව තිබුණු අයුරුද දක්නට ලැබුණි

මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේ ආණ්ඩුවට පණිවිඩයක් දීමට ලංකාවේ පාසල් සියල්ලම අද වසා දැමුණු බවයි.

“ලංකාවේ පාසල් 10,026ම වහලා තියන්නේ, විශේෂයෙන්ම මේ ආණ්ඩුවට අපි දෙන පණිවිඩේ තමයි ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතාවේ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන්න ඒ වගේම අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පටවලා තියන්නේ ඒ බර ඉවත් කරන්න විදුහල්පති සේවයේ තියන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න.”

එමෙන්ම කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

ග්‍රාම නිලධාරීනුත් හෙට – අනිද්දා වර්ජනයේ

මේ අතර, ග්‍රාම නිලධාරීන් හෙට (27) සහ අනිද්දා (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පවසා සිටියේ, ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවය.

ඔවුන් රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කරදෙන ලෙසත් 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මෙම දීමනා කිසිවක් අයවැය වෙනතුරු ලබාදීමට නොහැකිනම් යම් දීමනාවක් ලබා දෙන ලෙසය.

Trending

Exit mobile version