පුවත්

ගුරු සහ විදුහල්පතිවරුන් යළිත් අකුරට වැඩ

Published

on

එළඹෙන 22 වැනිදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට එම සන්ධානය තීරණය කර ඇත.

අද (ජූලි 16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසීය.

Trending

Exit mobile version