පුවත්

ගුරු සාදයකට මැතිවරණ කොමිසම හරස් වෙයි

Published

on

ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වජිර අබේවර්ධන රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් අදාළ රැස්වීම පැවති ස්ථානයට ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version