පුවත්

ගුවන්විදුලි සංස්ථාවටත් නව සභාපති කෙනෙක්

Published

on

ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද (25) මෙම පත්විමේ ලිපිය ලබාදීම සිදු කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ලෙස ඔහු කටයුතු කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්ද වන ගයාෂාන් මහතා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.

Trending

Exit mobile version