පුවත්

ගුවන් තොටුපොළ ධාවන පථයේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් අනතුරක

Published

on

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ

එහිදී ඔවුන් විසින් එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරී ගොස් අනතුරක් සිදුව ඇත.

එම පිපිරීමෙන් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් පියාඹණ බවට ලද තොරතුරක් මත නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් , එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා කුරුල්ලන් පලවා හරින විශේෂ අහස් කූරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එලෙස එල්ල කළ වෙඩි ප්‍රහාරය පුපුරා නොගොස් යළි ඔවුන් ගමන් ගත් කැබ් රථය මතට වැටී පුපුරා ගොස් ඇති බව වාර්තාවේ.

එලෙස පුපුරා යාමෙන් පසු කැබ් රථය තුළ තිබූ එවැනි වෙඩි කීපයක් පුපුරාගොස් හදිසි ගින්නක් ඇති වී තිබේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද හානි සිදුව තිබේ.

(ඡායා : Accident1st)

Trending

Exit mobile version