පසුගිය නොවැම්බර් මස 29 වැනිදා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ නැවත අමෙරිකාවට බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවර කිරීමට උත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඔහු එම ගුවන් යානයේ ආරක්ෂක පටි යොදා ආරක්‍ෂිතව මෙරටට ගෙනවිත් කටුනායක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත ඔහුට රුපියල් 25,000ක දඩ මුදලක් නියම කෙරුණි.
සැකකරු අධික ලෙස බීමත්ව එම හදිසි දොරටුව විවර කිරීමට උත්සහ කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික බෙවන් ක්‍රිස්ටි ස්කොට් නමැති පුද්ගලයෙකි.