පුවත්

ගුවන් යානා පාලන කටයුතු විදෙස් සමාගම් වලට..?

Published

on

මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් පවතින බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට තුළ ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට එහි සේවය කරනු ලබන්නේ සේවකයින් 80ක් පමණ බව සඳහන්ය.

ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙරට හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබාදෙන ගුවන අවකාශ සේවාව සැපයීම විදෙස් රටවලට ලබාදීමට සිදුවනු ඇත.

පවතින තත්ත්වය හමුවේ මෙරටට ගොඩබාන සහ පිටව යන ගුවන් යානා පාලනය කිරීම පමණක් සිදුකරනු ලබන අතර ජාත්‍යන්තර ගුවන් යානාවලට අදාළ පාලන කටයුතුවලින් ඉවත් වීමට ද සිදුව තිබේ.

කෙසේවෙතත් ගුවන් ගමන් පාලකවරුන් ලෙස කටයුතු කරන පිරිස් වෙත විදෙස් රටවලින් ලබාදෙන මුදල් සහ අනෙකුත් දීමනා හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාව අතහැර ගොස් සිටින බවටද තොරතුරු වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ ගුවන් යානා පාලනය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට ලබාදුන හොත් අප රටට අමෙරිකානු ඩොලර් 25,000ක මුදලක් අහිමි වන බව සඳහන්ය.

එමෙන්ම පවතින සේවකයින්ගෙන් උපරිම සේවාවක් ලබාගත් එය පැය 12ක කාලයකට සීමා වේ.

එසේ වුවහොත් ජාත්‍යයන්තර ගුවන් ගමන් පාලන නීති උල්ළංඝනය කිරීම සම්බන්ධයෙන් සීමා පැනවුවහොත් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලට ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා පාලන කටයුතු ද හිමිවිය හැකි බව වාර්තා වේ.

(අද දෙරණ)

Trending

Exit mobile version