Connect with us

පුවත්

ගුවන් සේවිකාවකට අතවර කළ නැව් කප්පිත්තෙක් රිමාන්ඩ්

Published

on

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සේවයේ නිරත වී සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී අධික බීමතින් ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යාපනය, වඩුක්කෝට්ටෙහි පදිංචි 49 හැවිරිදි කනගසභාපති කුෂාන්තන් නමැති සැකකරු ලබන මස 5 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.

නැවක කපිතාන්වරයකු ලෙස කටයුතු කරන සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඊ.කේ. 650 දරන එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පැමිණෙමින් සිටින අතරතුරදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී ලිංගික අතවර කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳව අදාළ ගුවන් සේවිකාව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති බව දන්වා සිටි පොලිසිය අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වූ බවද දන්වා සිටි පොලිසිය ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවද දන්වා සිටියේය.

මූලාශ්‍රය – දේශය 

පුවත්

තැපැල් වර්ජනය අවසන්

Published

on

By

විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයේ නිරතව සිටි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සිට සේවයට වාර්තා කර ඇති බවයි.

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම  මේ වනවිට  ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගමින් මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

එම වැඩවර්ජනය මගින් සිය ගැටලු පිළිබඳ අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරවූ බවයි විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

ආණ්ඩුවේ තවත් සුපිරි වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා (වීඩියෝ)

Published

on

By

රජය සතු වාහන ඉතාමත් රහසිගතව වත්මන් ආණ්ඩුව වෙන්දේසි කර මුදල් ලබාගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.
උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන 22ක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට “අපි පුරවැසියෝ” සංවිධානය විසින් චෝදනා කරනු ලබයි.

එම සංවිධානයේ කැදවුම්කරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවය.

” උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව.

වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු BMW වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා.

ඒ වගේම ප‍්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම BMW වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය. වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි.

ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වාහන 12ක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ.

වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව. මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප‍්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප‍්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ.

මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරයක් පාවිච්චි කරපු BMW වාහනය ලක්‍ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ.

මේවා ඊට වඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වාහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට. 

තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වාහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා වෙලා විකුණන්න සූදානමක් තියෙනව.

ඒ හින්ද මේක මගඩියක් හොරකමක් ජාවාරමක් “

වීඩියෝ –  Hiru

Continue Reading

පුවත්

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි

Published

on

By

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වැනි දින ලෝක දුම්වැටි නිවාරණ දිනය ලෙස නම්කර ඇත.

දුම් පානය ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා ප්‍රධාන හේතුවක් වන අතර බෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි.

ශ්‍රී ලංකාවේ දිනකට දුම්පානය හේතුවෙන් පුද්ගලයින් 60 ක් පමණ මිය යන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මරණ 20,000 ක් පමණ සිදු වේ.

එනම් ලංකාව තුළද දුම්කොළ භාවිතය සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ දුම්කොළ නිසා වසරකට මෙරට මරණ 20,000 ක් පමණ සිදුවන බවය.

ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව අද (31) සිට ජුනි 17වැනිදා දක්වා දීප ව්‍යාප්තව දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි සතියක් ක්‍රියාවට නංවා තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මෙම සතියේ අරමුණ නම්,  

කොඩි හා ස්ටිකර් පිළිගැන්වීමෙන් “ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය “ ප්‍රජාව අතර, සිහිපත් කරමින් සමෘද්ධි ප්‍රතිලාභීන් මෙන්ම පොදු මහ ජනතාව දුම්වැටි හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගෙන ඔවුන් මානසික වශයෙන් සවිබල ගැන්වීමේ කාර්යයයි.

මෙම මුඛ්‍ය පරමාර්ථය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් කොඩි සතිය තුළ ක්‍රියාවට නැංවීම ද සිදුකෙරෙනු ඇත.

මත් ද්‍රව්‍ය හා දුම් වැටි යනු සමාජ අහිතකර ප්‍රතිරෝධකයන් කොටසකි. එවන් හානිකර අවස්ථාවන්ගෙන් ප්‍රජාව ගලවා ගැනීමට නිසි මාර්ගය පෙන්වීමේ විවිධ වැඩසටහන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලැබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ උපදේශකත්වයෙන් හා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී.කළුආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් මෙම වැඩසටහන ප්‍රාදේශීය,දිස්ත්‍රික්, පළාත් හා ජාතික වශයෙන් ලංකාව පුරා ක්‍රියාවට නැංවීම සිදුවනු ඇත.

“ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දින” ප්‍රථම කොඩිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැළඳවීමට නියමිතය.

සමස්ථ කොඩි වැඩසටහන තුළින් ඒකරාශී කරන ලද සියළුම මුදල් ප්‍රාදේශීය සංවිධාන ගිණුම නමට බැරවෙන අතර, ප්‍රදේශයේ ප්‍රජා මූල සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල දරුවන්ගේ සමාජ සුබ සාධනය වෙනුවෙන් එම මුදල් වැය කෙරෙනු ඇත.


Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved