Connect with us

පුවත්

ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුබපතයි

Published

on

විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා හමුවිය.

අග්‍රාමාත්‍යතුමිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා උදේනි රාජපක්ෂ මහතාගේ සේවය අගය කල අතර විශ්‍රාම දිවියට සුබ පැතුම්ද එක් කරන ලදී.

පුවත්

වංචා කළොත් අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුවෙන් තීරණයක්

Published

on

By

රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

එසේම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මඟ පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති බව දැනුම් දී ඇත.

එමෙන්ම ඉදිරියේදී රේගු වැරදිවලට සම්බන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http://http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් දැනුම් ද ීතිබේ.

Continue Reading

පුවත්

බන්ධනාගාරගත කළ පුද්ගලයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්

Published

on

By

රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනය නාද වීමේ වරදට දින 14ක කාලයක් සඳහා බන්ධානාගාර ගත කළ පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියයාමේ සිදුවීමක් වාර්තා වේ.

මියගිය රැඳවියාගේ ඥාතීන් පවසන්නේ, මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානිවීම සහ පපුවේ වම්පසට පහරදීම නිසා ඉල ඇටවලට හානිවීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවට රැඳවියාගේ පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බවය.

කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

Continue Reading

පුවත්

චාමර යළි රිමාන්ඩ්. ගම්මන්පිලට ඇප.

Published

on

By

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුවය.

මේ අතර සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved