ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගත කර රුපියල් කෝටි 250 කට පමණ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
ඊයේ (05) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.
2022 සිට 2024 අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 35000කට ආසන්න පිරිසක් මෙලෙස පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචා සහගත ලෙස නිදහස් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
මීට පෙර විදේශ රැකියා සදහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති බවට සහතික කරන ලද කූඨ ලේඛන සකස්කර මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදු කර ඇත.
ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබද සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තොරතුරු වාර්තා වේ.
ප්‍රථම වරට මෙම වංචාව පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර ඇති අතර රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීද මේ පිළිබඳව කරුණු විමසා තිබේ.
ඒ අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයට අදාළව ඉහත නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ.