පුවත්

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කරන්න අනුමැතිය

Published

on

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස  2018 මාර්තු 06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

එකී අනුමැතිය පරිදිනීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපති ගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, අදාල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Trending

Exit mobile version