ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසීයට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, එවැනි පෙළපාලි නතර කිරීම සඳහා ජංගම මුර සංචාර වැඩිකරන ලෙස මැතිවරණ කොමිසම මෙහිදී පොලිසීයට මෙහිදී නියෝග කර ඇත.
කෙසේවෙතත්, ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙවැනි පෙළපාලි සඳහා යන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා එවැනි ක්‍රියා බාධාවක් වන බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
මේ අතර නීති විරෝධි ලෙස පවත්වාගෙන යන මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී මැතිවරණ කොමිසම පොලීසියට නියෝගකර තිබේ.