පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 403ක් වාර්තා වන බවය.
නමුත් මේ වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 435ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව වාහන සොරකම් කිරීම්ද ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ වාහන සොරකම් කිරීම් 1,405 ක් වාර්තා වි ඇති බවත්, මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් වාහන සොරකම් කිරීම් 1,406 ක් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එසේම ඔහු සඳහන් කළේ, මේ වසරේ යතුරුපැදි සොරකම් පමණක් 1,016 ක් සිදුව ඇති බවයි.