Connect with us

පුවත්

ගොයම කහ වුණේ ඉන්දියාවේ හුළංවලින්

Published

on

ඉන්දියාවේ වායු දූෂණය නිසා මෙරට දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමෙන් ඇතිවූ අඳුරු කාලගුණික තත්ත්වයත්, සුළි කුණාටුවේ බලපෑම නිසා ඇතිවූ අධික සීතලත් ගොයම කහ පැහැ ගැනීමට වැඩි වශයෙන් බලපා තිබෙන බව බතලගොඩ වී පර්‌යේෂණායතනයේ වී පිළිබඳ විශේෂඥ රෝහණ තිලකසිරි මහතා පැවසීය.

ගොයම වැඩි වශයෙන් කහ පැහැ ගැන්වී ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 15 වැනිදායින් පසුව වපුරන ලද කුඹුරුවල බවත්, අයහපත් කාලගුණයේ බලපෑම නිසා වායුගෝලයේ උෂ්ණත්වය අඩුවීමත්, පරිසරයේ ආලෝකය අඩුවීමත් සති දෙකක්, තුනක් වයසැති ගොයමට බලපෑ බවද ඔහු කීවේය.

ගොයම් ශාකයේ පවතින්නේ පොටෑසියම් ඌනතාවයක් බවත්, මීට කාරණා කීපයක් බලපා ඇතැයිද ඔහු පැවසුවේය.

පැළ ගොයමේ සති දෙක, තුන සහ හතර කාලයේදී අවශ්‍ය පෝෂක නොලැබීම නිසා ගොයම් ගස අක්‍රිය තත්ත්වයට පත්වන බවත්, උෂ්ණත්වය හා ආලෝකය අඩුවීම නිසා ශාකයට පෝෂක ඌනතාවක් ඇතිවන බවත් වී පිළිබඳ විශේෂඥ රෝහණ තිලකසිරි මහතා කීවේය.

ගොයම් ගසේ වැඩීමට අවශ්‍ය පෝෂක ප්‍රමාණවත් පරිදි නොලැබී ඇති බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 3200 ක අවශ්‍යතාවක් පැවතියද, ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලැබී ඇත්තේ ම්‍රෙට්‍රික් ටොන් 1600 ක් පමණක් බවත්, ගොවීන් ඉන් ලබාගෙන වගාවට යොදා ඇත්තේ මෙට්‍රික් ටොන් 160 ක් පමණක් බවද ඔහු පැවසුවේය.

එමෙන්ම, දිස්ත්‍රික්කයේ කන්න තුනකටම ගොයමට ට්‍රිපල් සුපර් පොස්පේට් පොහොර යොදා නැතැයිද ඔහු කීවේය.

(අරුණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved