දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සතකු වන ගෝනකු උගුලක් භාවිතා කර මැරීම හා මස් වෙළඳාම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකුට වැල්ලවාය අධිකරණය විසින් රු. 105,000 ක දඩයක් නියම කර තිබේ.
ඌව වනජීවී කලාපයට අයත් බුත්තල ඔක්කම්පිටිය පාර 1 කණුව ප්‍රදේශයේදී දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සතකු වන ගෝනකු උගුලක් භාවිතා කර මැරීම, ගෝන මස් ළඟ තබා ගැනීම, වෙළදාම් කිරීම සදහා ප්‍රදර්ශනය කිරීම සහ වල් ඌරු මස් කි.ග්‍රැ.31 වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා සැකකරුට එල්ලවී තිබුණි.
ඌරුමස් කි.ග්‍රැ.1 බැගින් වු පාර්සල් 31ක් ගෝන මස් කි.ග්‍රැ.1 බැගින් වු පාර්සල් 13ක් මස් කැපීමට භාවිතා කරන පිහියක්, පොරොවක් සහ අධිශිතකරණයක් සැකකරු සමග වනජීවී නිලධාරින්ගේ භාරයට ගෙන තිබුණි.
වන සත්ව අඩවි ආරක්ෂක – ඩබ්.එම්.ඒ.ගුණතුංග, වන සත්ව නියාමක – එස්.එච්.දුමිදු කුමාර, ක්ෂේත්‍ර සහායක වරුන් වන එල්.ඒ.ගයාන් දුෂාන්ත, කේ අජිත් සිසිර කුමාර, රියදුරු – ඩබ්.ඒ.විකුම් දනන්ජය සහ බහු කාර්ය සංවර්ධන සහායක – ආර්.කේ.අජිත් රත්නායක යන නිලධාරින් මෙම වැටලීමට සහභාගි වී තිබුණි.