සිය දෙමව්පියන් සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණ සිටි අවුරුදු හතක වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ සැකකරු විසින් දැරියව පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී එම දැරියගේ මවුපියන් උදව් ඉල්ලා කෑ ගසා ඇති බවත්, ඒ අනුව මෙම සැකකරුව අල්ලා මෙල්ල කර කොටුව පොලිසියට බාරදී ඇති බවත්ය.
සැකකරු, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් බව පැවසේ.