පුවත්

“ඝාතනය වූ නීතීඥ විජේදාස කොළඹ ගෙනාවේ රනිල්, බටලන්ද වාර්තාව නිල එකක් කරන්න ආණ්ඩුවට පුලුවන්”

Published

on

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය නිල වාර්තාවක් බවට පත් කිරීමට ජාතික ජනබලවේග ආණ්ඩුවට හැකියාව පවතින බවත්, ඒ සඳහා ආණ්ඩුවට බහුතරය පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා කියයි.

එම පක්ෂය විසින් කොළඹදී ඊයේ (10 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

අල් ජසීරා සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවෙන් ඉදිරිපත් වන කරුණු අනුව පෙනී යන්නේ ජනතා මර්දනකාරී රාජ්‍යයේ වගකීම ඔහු ඉටු කරමින් සිටින බව යැයිද ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,

බී.බී.සී වාර්තාකාරිනිය බටලන්ද වාර්තාව පෙන්වලා අහද්දීත් හිටපු ජනාධිපති රනිල් කියන්නේ මෙය නිල වාර්තාවක් නොවෙයි. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ කියලයි.

වින්දිතයන්ට සාධාරණය අවශ්‍යනම් අතුරුදන් වූවන්ගේ දෙමාපියන්ට සාධාරණය අවශ්‍ය නම් සියල්ල සම්බන්ධව යුක්තිය ඉටු කිරීමක් සිදුවිය යුතුයි. බටලන්ද වාර්තාවට අනුව පළමු වතාවට එකසිය පනස් දෙනෙක් පසුකර ඩග්ලස් පීරිස්ට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබෙනවා. මොහු සහකාර පොලිස් අධිකාරී විභාගය අසමත් අයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ සමහර ක්‍රියාකාරීන් ඉවත් කිරීම සඳහා මොහු කටයුතු කළා. මේ ඉවත් කිරීම කියන එක කොමිසමේ සාකච්ඡා වෙනවා. ඉවත් කිරීම කියන්නේ ඝාතනය කෙරුණා යන්නයි. විජේදාස ලියනාරච්චි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රසිද්ධ කථිකයෙක්. නීතිඥවරයෙක්. 1988 ඔහුව පැහැර ගෙන අතුරුදන් කළා. අපි දන්නේ ඔහු ඝාතනය වූ විස්තරය විතරයි. රනිල් වික්‍රමසිංහගේ නියෝග අනුව ඔහුව කොළඹට ගෙනඒම සිදුවූවා කියලා මේ වාර්තාවේ පැහැදිලිව සඳහන්වෙලා තිබෙනවා.“යැයිද ඔහු පැවැසුවේය.

ආණ්ඩුවක් කොයිතරම් ප්‍රකෝපයට පත් කළද ඊට නීති විරෝධීව කටයුතු කිරීමට රජයකට නොහැකි බවත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කර කටයුතු කිරීමට රජයකට නොහැකි බවත් කුමාර ගුණරත්නම් කියා සිටියේය.

"බටලන්ද කොමිෂන් වාර්තාවට චන්ද්‍රිකා කළ දේම ජාතික ජනබලවේගය ආණ්ඩුවත් නොකරයි කියා හිතනවා. සුදුසුකම් ලද 150ක් පන්නලා ඩග්ලස් පීරිස්ට උසස්වීම් දෙන්න නිර්දේශ කළේ සජිත් ප්‍රේමදාසගෙ තාත්තා" – කුමාර් ගුණරත්නම් සහෝදරයා 'பட்டலந்த ஆணைக்குழு அறிக்கைக்கு சந்திரிக்கா செய்ததையே தேசிய மக்கள் சக்தி அரசாங்கம் செய்யாது என நம்புகிறேன்.' "தகுதியான 150 பேரை பதவி நீக்கம் செய்த பின்னர் டக்ளஸ் பீரீஸுக்கு பதவி உயர்வு வழங்க பரிந்துரைத்தவரே சஜித் பிரேமதாசவின் தந்தை" தோழர் குமார் குணரத்னம்

Posted by Front Line Socialist Party on Monday, March 10, 2025

Trending

Exit mobile version