පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග තවදුරටත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව පවසයි.
සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් නිකුත් කරමින් එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී තිබේ.
මෙම ලිපිය මඟින් එක්සත් ජනරජ පෙරමුණ පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුකූලව මහා මැතිවරණ ක්‍රියාවලිය තුළ එම පක්ෂය ක්‍රියා කර නොමැති බවය.
ඒ අනුව, ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය නොදක්වන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බවත් එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කර තිබේ.