පුවත්

චම්පික යළිත් ක්‍රම හා විධි කාරක සභාවේ මුලසුනට

Published

on

ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට යළිත් වරක් පාර්ලිමේන්තු චම්පික රණවක මහතා පත් වී තිබේ.

එම කාරක සභාවේ සාමාජිකයන් ගේ ඒකමතික තීරණයක් අනුව, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් රණවක මහතාව සභාපති ධූරයට යෝජනා කර ඇති අතර, ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා විසින් මෙම යෝජනාව ස්ථිර කර ඇත.

මේ අතර, චම්පික රණවක මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයකු වශයෙන්ද අද පත්කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාඨලී චම්පික රණවක මහතා එම කාරක සභාවට තෝරා පත්කර ගත් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසිය.

Trending

Exit mobile version