Connect with us

පුවත්

චමුදිත පදිංචි නිවාස සංකීර්ණය අසලට නොදන්නා දෙන්නෙක් ඇවිත්!

Published

on

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

 එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටින බවට ආරක්ෂක නිලධාරියා විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.    

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොතිබුණි පෙරේදා (20) රාත්‍රී වූ සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමර වික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහත්වරුන් දුරකථනයෙන් දැනුම්වත් කර තිබිණි

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved