ද මොර්නින් (The Morning) දිනපතා පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ චරින්ද්‍ර චන්ද්‍රසේන මහතා ඉන් ඉල්ලා අස්ව තිබේ.
ඒ මහතා එම පුවපතේ ප්‍රධාන කර්තෘ ධූරයෙන් ඉවත්වීම ඔහුගේ ස්වාධීන තීන්දුවක් බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.
කෙසේවුවද, අදාළ පුවත්පත් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ චරින්ද්‍ර මහතා වෙබ්අඩවියේ කර්තෘවරයා ලෙස පත් කිරීමත් සමඟ ඔහු ඉන් ඉවත්ව ඇති බවයි.
ඔහුත් සමඟ තවත් කිහිපදෙනෙකු එම පුවත්පතෙන් ඉල්ලා අස්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සභාපති ධූරය දරනු ලබන ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනය විසින් එම පුවත්පත මුද්‍රණය කර බෙදාහරිනු ලබයි.
මීට පෙර එම සමාගම මුද්‍රණය කර බෙදාහරින දිනපතා අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයාව සිටි කුල ශ්‍රී කාරියවසම් මහතා ද ඉන් ඉවත්ව ගියේය.
චරින්ද තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වේ.