Connect with us

පුවත්

චානකගේ මාමණ්ඩි මැරුවේ සුජී”: මැරෙන්න කලින් CIDය කුඩු ගැන අහලා

Published

on

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23) රාත්‍රි හිසට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ නියෝග මත ඔහුගේ ගෝලයන් විසින් බව මේවන විට හෙළිව තිබේ.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා රත්ගම විදුර නමැති පාතාල නායකයා සමඟ සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. 

රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අතර දැඩි වෛරයක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි විශාලතම රෙදිපිළි අලෙවිසලේ හිමිකරු වන ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා පෙරේදා රාත්‍රි සිය ව්‍යාපාරික ස්ථානය වසාදමා නිවස බලා යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක් විය.

හෙතෙම සිය මෝටර් රථය පදවාගෙන තනිවම නිවස බලා යමින් සිටියදී ගාල්ල බිංගේ කන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු මෝටර් රථයේ පිටුපස වීදුරුවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. 

ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා සිය මෝටර් රථය මාර්ගය අසල නතර කරනවාත් සමඟම යතුරුපැදියෙන් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනා ඔහුගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කර පලාගොස් තිබේ.

ප්‍රහාරයෙන් පසු නගරවාසින් විසින් ව්‍යාපාරිකයා රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. 

රත්ගම විදුර නමැති පාතාල නායකයා මේ වන විට ඉතාලියේ සැඟවී සිටින අතර ඔහු දකුණු පළාතේ පාතාල කෙළිකාරයකු බවට පත්ව සිටි පසුගිය දිනවලදී අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී කොස්ගොඩ සුජීගේ ඥාතීන් සහ ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකු විදුරගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූහ. 

එම ප්‍රහාරවලට එකට එක කිරීමක් ලෙස මෙම ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. 

ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ඝාතකයන් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

ඝාතනයට ලක්වූ ලලිත් වසන්ත මහතාගෙන් මීට ටික කලකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – දිවයින

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved