චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට නියෝග කරමින් එවකට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි තමාගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා අදාල චක්‍රලේඛනය නිකුත් කළ බවයි අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ ආකාරයෙන්ම කටයුතු සිදුවූ බවද, මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන්ද විභාගයක් සිදුකර තිබෙන අතර, එහිදී ඔහු වැරදිකරු ලෙස ඔප්පු වී නොමැති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.
මේ දිනවල විභාග කරන්නේද එම කාරණා උඩ බවත්, අලුත් චෝදනා හෝ අලුත් සිදුවීමක් ගැන නොවන බවත්, චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙන්නේ කෙසේදැයි ගැටලු සහගත බවත් ඔහු පවසා සිටියේය.
චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරන, ප්‍රබලව විපක්ෂයේ හඬ නගන පුද්ගලයෙක් වන අතර, මෙම ක්‍රියාවලිය ඔහු පාර්ලිමේන්තුවේ මැදිහත්වන ආකාරය හේතුවෙන් ඇතිවූවා දැයි විශාල සැකයක් තිබෙන බවත්, චාමර සම්පත් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය.
චාමර සම්පත්…
Posted by United National Party on Thursday, April 10, 2025