Connect with us

පුවත්

චාමර යකඩ හොරකමට සම්බන්ධයි –  සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති

Published

on

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන්  මාස 02ක කාලයක් තුළ මිලියන  22ක යකඩ ප්‍රමාණය සොරකම් කිරීම සම්බන්ධව චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා වගකිවය යුතු බවටත්, ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටත් දන්වා ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවේ  හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ  සිමෙන්ති කම්හල් භූමියේ විසිරී තිබුණු රුපියල් බිලියන ගණනක යකඩ ප්‍රමාණයක් සම්බන්ධව තාක්ෂණික කමිටුවක් මගින් ඇගයීමක් කර තිබුණු බවය.

අනතුරුව යළි කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා කැබිනට් තීරණය ප්‍රකාරව ටෙන්ඩර් පටිපාටියට මෙම භූමියේ ඇති අබලි යකඩ විකිණීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අදාල සියලුම පියවර තමන් අරගත් බව හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කීවේය.

එහෙත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කරනු වෙනුවට  චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා මුලින්ම සිදුකර තිබුණේ කම්හල් භූමියේ ආරක්ෂාවට සිටි හමුදාව ඉවත් කර සීමිත සංඛ්‍යාවක් පමණක් ඉතිරි කරගෙන කම්හල් භූමිය අනාරක්ෂිත කළ බවය.

එමෙන්ම බදුල්ලෙන් ගෙන්වා ගත් පුද්ගලයින් හත් දෙනෙක් මෙම කර්මාන්ත ශාලාව වෙත බඳවාගැනීමත් හමුදාව ඉවත් කර භූමිය අනාරක්ෂිත කිරීමෙන්  මාස දෙකක් තුළ  මිලියන 22ක යකඩ එක්වර ඉවත් වීමත් අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම යකඩ හොරකම ගැන පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

මෙම යකඩ හොරකමේ චෝදනාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්වකට අනුව ඉන් කිපුණු චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා ඊයේ එම ප්‍රශ්න කිරීම කළ මන්ත්‍රීවරයාට සහ අද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායකට අතිශය පහත් ආකාරයට පාර්ලිමේන්තුවේ දී බැණවැදුනේය.

එම කතා විලාශය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ දී විවාදය නරඹමින් සිටි පාසල් දරුවන්ගෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවෙන් සමාව ඉල්ලුවේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved