පුවත්

“චැනල් 4” හෙළිදරව්ව ගැන හොයන්න රජය පසුබට වෙන්නෑ – මනූෂ 

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊට අමතරව ජාත්‍යන්තර වශයෙනුත් පරීක්ෂණයක් අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා බවත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් “චැනල් 4” නාලිකාවෙන් සිදු කළ බැවින් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි මහතා එහිදී ඉල්ලා සිටියේය.

Trending

Exit mobile version