Connect with us

පුවත්

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරේ

Published

on

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.  

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. 

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය. 

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු වර්ග නියෝජනය කරමින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කළ බවත්, දෙමළ සිනමාව කාර්මාන්තයක් ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්,  දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක් ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් කාලය තුළ පදනම් ආයතනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින් වත්මන් නිලධාරීන් පදනම් ආයතනය පාලනය කළ යුතු බවත්, ඍජු තීන්දු තීරණ ගතයුතු බවත්ය. 

එහිදී පත්වීම් ලැබූ පිරිස මෙසේය,

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති – ඩබ්. ප්‍රින්ස් සේනාධිර

සෙසු සාමාජිකයන් –

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති  – එස්.එම්. සමන් සමරකෝන් 

සෙසු සාමාජිකයන් –

මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි
ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු
ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්
එම්. කේ. ප්‍රසංග චතුරංග
පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා
ජී. එච්. වයි. මංජුල සිරිසෝම 
ජෙයචන්ද්‍රමූර්ති රජීවන්
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්
අයි. ජී. සුලක්ඛනා කුමාරි 

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved