පුවත්

චීනයට අයත් ‘Peace Ark’ රෝහල් නැව ලංකාවට එයි (ඡායා / වීඩියෝ)

Published

on

මහජන චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට සේන්දු විය. 

නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුලු පහසුකම් රැසකින් සමන්විත මෙම නෞකාව, දෙසැම්බර් 22 – 27 වැනිදා දක්වා මෙරට ජනතාවට සෞඛ්‍ය ප්‍රතිකාර සැපයීමට නියමිතය.

‘2024 සහජීවන මෙහෙයුම’ සඳහා මෙම නෞකාව චීනයේ ජ’ජියෑං පළාතෙන් පිටත් වී තිබුණේ මේ වසරේ ජුනි මාසයේදීය.

මෙම මෙහෙයුම අතරතුර මෙම නෞකාව රටවල් 13කට ගමන් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

‘Peace Ark’ රෝහල් නැව කැමරූන් වල

Trending

Exit mobile version