Videos

චීනයට ළඟදිම අලුත් තානාපතිවරයෙක් – විදේශ කටයුතු රාජ්‍ය ඇමති (වීඩියෝ)

Published

on

මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය.

චීන තානාපතිවරයා ඇතුළු තවත් තානාපතිධූර අටක් සඳහා මෙම පත් කිරීම් සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔස්ට්‍රියාවේ වියානා හි සිටි තානාපති මජිංත ජයසිංහ මහතා මෙසේ චීනයේ නව තානාපතිවරයා ලෙස පත් කර යැවෙන බව වාර්තා වේ.

චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පසුගිය වසරේ අගෝස්තු 10 වැනිදා එම ධූරයෙන් ඉවත්වීමෙන් පසුව එම ධූරය මේ දක්වාම හිස්ව පවතී.

‍ඒ අනුව මේව විට එහි තානාපති ධූරය හිස්ව මාස 07කට ආසන්න කාලයක් ගතව තිබේ.

ජනපතිවරයා හා අගමැතිවරයා සිය චීන සංචාරයට එක්වූයේද අදාල පුරප්පාඩුව තිබියදීය.

මජිංත ජයසිංහ මහතා විදසේ සේවාවේ සිටින ඒ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර ඔහු චීනයේ ද රාජතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කර ඇති බව පැවසේ.
මේ අතර, පසුගියදා 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා රාජතාන්ත්‍රික සේවය සදහා මෑතකදී පිටත්වයාමට නියමිත පිරිස හමුවී තිබූ අතර ඔවුන්‍ට X පනිවුඩයක් ඔස්සේ සුබ පැතුම්ද එක්කර තිබිණි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා මිරර් කර්තෘ කැළුම් ශිවන්ත මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

Trending

Exit mobile version