පුවත්

චීනයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 1,000ක් ; 60%ක්ම උතුරේ දරුවන්ට

Published

on

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගත් නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එහි ගොඩබෑම් කටයුතු අද (28) අවසන් වූ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

මෙරට අධ්‍යාපන අමාත්‍යංශයට අනුව, මෙම සහල් වලින් 60%ක්ම (මෙට්‍රික් ටොන් 600ක්) උතුරේ සිටින අඩු වරප්‍රසාද ලාභී සිසු සිසුවියන් අතර බෙදාහැරීමට නියමිත බවද එම තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක දැක්වේ.

මේ වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version