පුවත්

චීනයේ ආධාර යටතේ නිවාස 1996ක්

Published

on

අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ එම නිවාස 1,996ය පැකේජ 03ක් යටතේ ස්ථාන තුනකදී ක්‍රියාත්ම කරන බවයි. 

එම පැකේජ තුන මෙසේය. 

  1. පැකේජ 01 – මොරටුවේ නිවාස ඒකක 575ක් සහ කොට්ටාවේ නිවාස ඒකක 108ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්‍රදානය කිරීම.
  2. පැකේජ 02 – දෙමටගොඩ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදානය කිරීම.
  3. පැකේජ 03 – පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd. වෙත ප්‍රදානය කිරීම.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනෙකු වෙතින් ලංසු කැඳවා තිබේ. 

එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version