පුවත්

චීනයේ සිදුවූ භූ කම්පනයකින් 110ක් මරුට

Published

on

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ.

සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන් වූ අය සෙවීමේ ‌මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද පැවසේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවය.

එමඟින් ගොංෂු පළාතේ සහ ෂිංහායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ.

මේ අතර, රාජ්‍ය මාධ්‍ය ඒජන්සියක් වන Xinhua වාර්තා කර ඇත්තේ ගොංෂු හි 100 දෙනෙකු මිය ගොස් 96 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ෂිංහායි හි 11 දෙනෙකු මිය ගොස් 124 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල විදුලිය හා ජල සැපයුම ද ඇණහිට ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බරයේ නිරිතදිග සිචුවාන් පළාතේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවකින් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගියහ.

මිනිසුන් 200,000 කට වඩා මිය ගිය ගොංෂු හි 1920 භූමිකම්පාව 20 වන සියවසේ ලෝකයේ මාරාන්තිකම එකක් ලෙස ද වාර්තා වේ.

Trending

Exit mobile version