පුවත්

චීනය කැමති වෙයි; “ණය අර්බුදය සංචිතවලින් ණය ගෙව්ව නිසයි”

Published

on

ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය.

එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතය.

මේ අතර, ජපානය හා ඉන්දියාව ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“අපි ආණ්ඩුව භාර දෙන විට විශාල සංචිත ප්‍රමාණයක් ඉතුරු කරලා තිබුණා. මේ රජය ණය ගෙවන්නත් සංචිත පාවිචිචි කළා. ඒවා වැරදි කළමනාකරණ ප්‍රතිපත්ති. ණය නැති රටවල් නැහැ. කිසිම රටක් ණය ගෙවන්න සංචිත පාවිචිචි කරන්නේ නැහැ. ණය කළමනාකරණය කළ යුතුයි.”

Trending

Exit mobile version