Connect with us

පුවත්

චීනය හා ගැටුම් ඇතිකරගන්න ඇමෙරිකාවට ඕනෙ නෑ – සලිවන්

Published

on

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක – ජේක් සලිවන් මහතා, අතර හමුවක් අද (29) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී  පැවැත්වුණි.

වෙනස්වන හා කැළඹිලි සහිත මේ ලෝකය තුළ, රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා පැවසීය.

තවද, ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද ෂී මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ප්‍රධාන රටවල් දෙකක් ලෙස, චීනය හා ඇමෙරිකාව, ඉතිහාසය, ජනතාව මෙන්ම ලෝකය කෙරෙහි වගකීම්සහගතව ක්‍රියා කළ යුතු බවත්,  ලෝක සාමයේ ස්ථාවර මූලාශ්‍රයක් මෙන්ම පොදු සංවර්ධනයේ ප්‍රවර්ධක ලෙස කටයුතු කළ බවත් ෂී මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, තමාව හමුවීම පිළිබඳව චීන ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ සලිවන් මහතා, පවසා ඇත්තේ දෙරට ජනාධිපතිවරුන් අතර සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති හමුවෙන් අනතුරුව, එළඹුණු පොදු එකඟතා භාරදූර ලෙස ක්‍රියාවට නංවා, සක්‍රිය ප්‍රගතීන් දිනාගෙන ඇති බවයි.

නව සීතල යුද්ධයක් දියත් කිරීම, චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම හෝ සන්ධාන සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් චීන විරෝධී ප්‍රයත්න හඹා නොයන බවත් සලිවන් මහතා අවධාරණය කර ඇත.

තවද, තායිවාන ප්‍රදේශයේ ස්වාධීනතාවට අනුබල නොදෙන ඇමරිකාවට චීනය සමග ගැටුම් ඇති කරගැනීමේ වුවමනාවක් නොමැති බවත්, තායිවාන ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමට ඇමරිකාව උත්සාහ නොකරන බවත් සලිවන් මහතා තවදුරටත් සඳහන් කර තිබේ.

චීනය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පවත්වාගෙන යමින් දෙරට සාමකාමී යහපැවැත්ම මෙන්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාව අඛණ්ඩව වර්ධනය කළ හැකි මාර්ගයක් විවර කර ගැනීම ඇමරිකාවේ බලාපොරොත්තුවක් බවත්, නුදුරු දිනකදී චීන ජනාධිපතිවරයා සමග යළි අදහස් හුවමාරු කර ගැනීම ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතාගේ අපේක්ෂාව බවත් සලිවන් මහතා එහිදී සඳහන් කර ඇත.

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Published

on

By

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ස්ථානමාරු වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved