Connect with us

පුවත්

චීනය හෝ ඉන්දියාව උසාවි ගියොත් තෙල් සංස්ථාව ගස් !

Published

on

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත නිසා ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනාවකට අනුව 2001 වර්ෂයේ සිදුකළ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික එකඟතා කඩවී ඇතැයි වාර්තා වේ.

අදාළ ඛනිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් ජාත්‍යන්තර ඛනිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට  දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමිව තිබේ.

ඒ අනුව චීනය හෝ ඉන්දියාව අධිකරණයට ගියහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් කේෂත්‍රය පිළිබද ප්‍රවීණයෙකු වන සිරිල් සුදුවැල්ල මහතා ද අප කළ විමසුමකදී ඒබව තහවුරු කළේය.

2001 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මුලික එකගතාවයන් වු ස්වාධින නියාමන එකකයක් යටතට පත් කිරිම හා ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සාධාරණ හා යුක්ති, සමානාත්මතාවයකින් කටයුතු කිරිමේ එකගතාවය නව පනත මගින් බිඳීගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.

එම යෝජනා අනුව කොලොන්නාව තෙල් තොග නිමාව පිහිටුවා ඇති අතර එහිදී පාර්ශව තුනකට මෙරට ඉන්ධන බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව ලබා දී තිබේ.

ඛණිජ තෙල් සංෂ්ථාව, ඉන්දියන් තෙල් සමාගම සහ චීන සමාගමක් වන චයිනා සිනෝපැක් (China Sinopec) ආයතනයට මේ අවස්ථාව ලබා දිමට එමගින් හකඟව ඇත.

කෙසේවුවද, චයිනා සිනෝපැක් (China Sinopec) සමාගමට එසේ අවසර හිමිවුවද ඔවුන් සිය මෙහෙයුම් කටයුතු ලංකාව තුළ ආරම්භ කර නොමැත.

ඒ අනුව එම සමාගමට ලබාදී තිබූ තෙල් පිරවුම්හල් සියයකට වැඩි ප්‍රමාණයක් මහභාණ්ඩාගාරය යටතට පත්ව තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට ඉන්ධන ආනයන කිරීම සහ සිල්ලර වෙළෙඳපොළ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට විවෘත කිරීම සඳහා හිමිවූ කැබිනට් අනුවමැතියට යටත්ව විශභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා ඛණිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබිණි.

මේ අතර, වසර විසිඑකකට පෙර ආසියානු සංවර්ධන බැංකුව කළ යෝජනාව අනුව ස්වාධීන නියාමන ආයතනයක් මගින් ඛනිජ තෙල් නියාමනය කිරිම ආරම්භ නොකොට එහි බලය පත්වන විෂය භාර ඇමතිවරයා යටතේම තබා ගැනීමට කටයුතු කිරීම මගින්ද ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනා උල්ලංඝනය කර ඇති බව පැවසේ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved