ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී – ෂ’න් යීචින් මහත්මිය අනිද්දා (18) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා – මාඕ නින්ග් මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇය නොවැම්බර් 21 දක්වා මෙරට සිටිනු ඇති බවයි.
හෙට (නොවැ. 17) මාලදිවයිනේ මාලේ අගනුවර පැවැත්වෙන, එරට නව ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ෂන් මහත්මිය මේ වන විට මාලදිවයිනේ සංචාරයක නිරතව සිටියි.