පුවත් චීන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි Published 1 year ago on January 19, 2024 By editor ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතාව හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියේය. මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ජාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් මෙරට කථානායකවරයා වෙත පිළිගන්වන ලදී. එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවති සාකච්ඡාවේදී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය. තවද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බවද කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. මෙයට අමතරව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්2 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්6 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!