චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.
මෙම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මෙම හමුවට සහභාගී වූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.