ශ්‍රී ලංකා මුහුදු සීමාව ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කර ඇත්තේ ජපාන මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදීය.
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව කළ අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කළේ ය.
භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවත් අමාත්‍ය අලි සබ්රි එහිදී අවධාරණය කර ඇත.