මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
දිගින් මීටර් 129 කින් යුත් මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් ජින් ෂින් මහතා කටයුතු කරන අතර, එහි නැව් මුළුව 138කි.
මෙම නෞකාව අගෝස්තු 12දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
(ඡායාරූපය – navy.lk)