Connect with us

පුවත්

ච‌ොක්ලට් එකකින් මහපට ඇගිල්ලක කෑල්ලක්; සිද්ධිය අධිකරණයට

Published

on

මහියංගනය මූලික රෝහලේ කාර්යමණ්ඩල සාමාජිකාවක් විසින් ම රෝහලේ ආපන ශාලාවෙන් මිලදී ගන්නා ලද Kandos K Super Nut Milk Choco එකක් තුළ තිබී මිනිස් සිරරකින් වෙන් වූ මහපට ඇගිල්ලක කොටසක් පසුගිය 05 වැනිදා දහවල් සොයාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් මහියංගන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුව මහියංගය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශ‌ේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ ආපන ශාලාව පරීක්ෂා කිරීමෙන් පසුව එම නිෂ්පාදනයට අදාළ කාණ්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාදන ද සිය භාරයට ගෙන තිබේ.

එසේම මහියංගන නගරයේ සුපිරි වෙළෙඳ සැල්ද පරීක්ෂා කර අදාළ කාණ්ඩයේ චොක්ලට් සිය බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මව්බිම පුවත්පත වාර්තා  කර ඇත්තේ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකාව විසින් පසුගිය 03 වැනිදා  අදාළ චොක්ලට් එක මිලදී ගෙන ඇති බවත්, එහි කොටසක් ආහාරයට ගෙන අනෙක් කොටස ශීතකරණයේ තබා  පසුගිය 05 වැනිදා  එය ආහාරයට ගත් අවස්ථාවේදී මේ ඇඟිලි කොටස හමුවූ බවයි.

සිද්ධියට අදාළ චොක්ලට් නිෂ්පාදන ආයතනය වන Ceylon Chocolates Limited ආයතනයට විරුද්ධව අද (07) මහියංගනය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීමට මහියංගනය සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහන් සමරවීර සහ මහියංගන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද රත්නායක ඇතුළු අමිල අබේසේකර හා  සල්මන් ෆාරීස් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂණ පවත්වා තිබිණි.

ඡායාරූප – සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved