Connect with us

පුවත්

චෝදනා එල්ල වී ඇති වරායේ ලොක්කන්ට යුරෝපා සංචාරයක්  (වීඩියෝ)

Published

on

ත්‍රිකුණාමලය වරායට ජපන් ආධාර යටතේ ලැබුණු නවීන අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරට ලක්වීමෙන් රජයට රුපියල් කෝටි 22 ක අධික පාඩුවක් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යුරෝපා සංචාරයක් දී ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

එම යුරෝපා සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ .ගණක හේමචන්ද්‍ර මහතා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනකු සහභාගි වන බවත් නියමු යාත්‍රාවට වූ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණ පසුගිය ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිළි කළ බවත් මහවත්ත මහතා කීය.

අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී නොමැති බවත් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර හෝ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

පුවත්

උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

Published

on

By

පස්වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කල හැකිය.

ඒ අනුව අද (13) දින සිට එළැඹෙන ජූනි 27 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට තීරණයක්

Published

on

By

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, එය අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවයි.

එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 300කි.

මේ අතර නඩත්තුවක් හේතුවෙන් මාස එකහාමාරක පමණ කාලයක් අක්‍රීය කර තිබූ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතයි.

ඉන්, ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 කි.

ඒ මාස එකහමාරක් පමණ සිදුකළ නඩත්තු කටයුතු වලින් අනතුරුවයි.

පවතින වැසි තත්වයත් සමග ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් පැවතීම හේතුවෙන් එලෙස විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

රට පුරා බන්ධනාගාර වලට CIDයෙන් පනී

Published

on

By

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් බන්ධනාගාරවල අඛණ්ඩ විමර්ශන සිදුකරන බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පත් කෙරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් සංඛ්‍යාව, 28 කි.

ඔවුන් විසින්  ඊයේ(12) සියලුම බන්ධනාගාර පරික්ෂා කිරීම ආරම්භ කරන ලදී.

පොලීසිය සඳහන් කළේ, බන්ධනාගාර වල ලේඛණ පරික්ෂාව සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එම කටයුතු අවසන් කිරීම සඳහා ඊයේ දිනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, අදත් ඊට අදාළ පරික්ෂා කිරීම් සිදු වේ.

එලෙස දිවයිනේ සියලු බන්ධනාගාර පරික්ෂා කෙරෙන්නේ, ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළවය.

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ වන විට කොළඹ බන්ධනාගාරයක ආරක්ෂිතව රඳවා සිටියි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා, අද(13) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved