Connect with us

පුවත්

ඡන්දදායකයන්ට කහබත් කවන්න ගිය අපේක්ෂකයාගේ බත් මුට්ටිපිටින් පොලිසියට!

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ ආහාරපාන භාජන සමඟම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංගණය කරමින් මෙම අපේක්ෂකයාගේ කොට්ටාසයේ ජන්දදායකයන් පිරිසකට ඔක්තෝම්බර් මස 18 වැනිදා රාත්‍රී භෝජන සංග්‍රහක් කිරීම සඳහා ආහාරපාන පිළියෙල කර ඇති බවට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානය මගින් ඇල්පිටිය පොලිසියට ඊයේ (18) රාත්‍රී 10.00 ට පමණ ලද කරන ලද දැනුම්දීමක් මත ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ සහකාර කොමසාරිස්වරයා එම ජන්ද අපේක්ෂකයාගේ නිවසට ගොස් කරන ලද පරීක්ෂණයේදී ඔහුගේ නිවසේ පිළියෙල කර තිබූ කහබත්, පරිප්පු, කුකුල්මස් ඇතුළු පිසූ ආහාරපාන එම භාජන සමගම පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයාගේ ආධාරකරුවන් හා ඡන්දදායකයන් 150 කට එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම සඳහා මෙම ආහාරපාන පිළියෙළ කර තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ මේවා අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (19) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved