පුවත්

ඡන්දදායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයකු‍ට වැය කළ හැකි මුදල රුපියල් 109යි

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම මුදල තීරණය කළ බවත්, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (19) රාත්‍රියේ නිකුත් කළ බවත් සභාපතිවරයා කීවේය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල සම්බන්ධව අදහස් ලබා ගැනීමට දේශපාලන පක්ෂ නායකයන් හා ලේකම්වරුන් සමග සාකච්ඡාවක් ඉකුත් සතියේදී මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණි. 

එහිදී ඔවුන් ඒ සඳහා යෝජනා කරනු ලැබුවේ ශත 50ත් රුපියල් 300ත් අතර මුදලකි.

Trending

Exit mobile version