පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු අගයකින් එහි කටයුතු අවසන් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ඒ මහතා අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වවමින් කියා සිටියේය.
“මෙවර මැතිවරණය සඳහා අපි යොදා ගන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය. අපිට තියෙන්නේ පනතේ ඇති නීති අනුව ක්‍රියා කරන්න. නීතියෙන් යම් කිසි ආකාරයේ නියමයක් කරන තෙක් අපි අපේ කටයුතු කරගෙන යනවා.”
“අපි පවත්නා මිල ගණන් ඇස්තමේන්තු කළා. ඒ අනුව, අපිට මිලියන 10ක මුදල් ප්‍රමාණය ඇතිවෙයි කියන ප්‍රමාණය තියෙනවා. ගියවර මිලියන 8ක් කියපු වියදම තමයි කොවිඩ් -19 තත්ත්වයත් තුළ මිලියන 5.8කින් අවසන් කරගත්තේ.”