පුවත්

ඡන්දය තියනවද? නැද්ද? තව දින දෙකකින් තීන්දු වෙනවා – මැකො

Published

on

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියයි.

එසේම, ඉදිරි දින දෙක ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බවද ඔහු කියා සිටී.

කෙසේවුවද, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ගැටලුවක් මතු වී නොමැති බවද ඔහු කියා සිටී.

මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.

Trending

Exit mobile version