ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන තුරු ඇප මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා කියයි.
නව සීමා නිර්ණය ගැසට් කළහොත් සමහරවිට අලුතින් නාම යෝජනා කැඳවීමක් සිදු කරන්නට වෙතැයිද මේ සමග මතුවන නීති ප්‍රශ්න එම අවස්ථාව අනුව විසඳා ගැනීමට සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.
නව සීමා නිර්ණය අනුව මැතිවරණය පවත්වනු ලබන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට සිදුවන බවත්, නාමයෝජනා අලුතින් කැඳවීමක් කරන්නේ නම් පැරැණි නාමයෝජනා අවලංගු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.
මෙහිදී තැන්පත් කරන ලද ඇප මුදල් ගැනද තීරණයක් ගැනීමට සිදුවන බවත්, කොට්ඨාස අනුව සභා ගැසට් කර, අලුතින් තේරීම් භාර නිලධාරීන් පත්කර මැතිවරණ ක්‍රියාවලියම අලුතින් සිදු කිරීමට සිදුවන බවද පුංචිහේවා මහතා කියා සිටී.