Connect with us

පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදීම ගැන පැමිණිලි

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තිව අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සේවායෝජකයන් විසින් සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීමට කටයුතු කළ යුතු බවය.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන ආකාරයට සේවා යෝජකයින් විසින් නිවාඩු ලබා දීම සිදු කළ යුතු බව පසුගිය 2 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

ඡන්දය සඳහා නිවාඩු දෙන්නැයි ලිඛිතව ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු දිය යුතු බව එම නිවේදනයේ දැක්වේ.

එලෙස ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවකයින් ද ඇතුළුව සියලු සේවකයින් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු බව උපදෙස් මාලාවේ සඳහන්ය.

රාජ්‍ය අංශයේ සේවකයින්ට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පැය 4ක අවම කාලයක් යටතේ ඒ සඳහා අවශ්‍ය යැයි හැඟෙන කාලයට වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතුය.

ඒ සඳහා දිය යුතු කාලසීමාව, සේවා නියුක්තිකයාගේ කාර්යාලයේ සිට ඡන්දපොළට ඇති දුර ප්‍රමාණය අනුව සේවා යෝජකයා විසින් තීරණය කළ යුතු වේ.

සියලු සේවා යෝජකයින්, විශේෂ නිවාඩු ඉල්ලුම් කළ පුද්ගලයින් සහ නිවාඩු ප්‍රදානය කෙරෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙනු ලබයි.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved