ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොළඹින් පිටතට ගිය පිරිස් නැවත රැගෙන ඒමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සහ පෞද්ගලික බස් රථ පෙළක් අද සිට සූදානම් කර තිබේ.
සියලුම ලංගම ඩිපෝවලට අද සිට සඳුදා (18) දක්වා දැනට පවතින බස් රථ ධාවනය සඳහා අනුයුක්ත කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
කොළඹින් සහ ඉන් පිටත මගීන් ප්‍රවාහනය පහසු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කාලසටහනට අනුව බස් රථ ධාවනය කරන ලෙස සියලුම පළාත් ඩිපෝවලට උපදෙස් දී ඇති බව සඳහන්ය.
දැනට පවතින කාලසටහනට අමතරව තවත් බස් රථ ධාවනයට යොදවන අතර පෞද්ගලික බස් රථ රැසකට ද ජනතාව තම සේවා ස්ථාන වෙත රැගෙන ඒම සඳහා යොදවා ඇති බවයි වාර්තා වේ.