පුවත්

දිවයින පුරා පාසැල් 20 වැනිදා වැසෙයි (Update)

Published

on

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත.

එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු වේ.

තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.


(පෙර පුවත 2024 සැප්තැම්බර් 09, ප.ව.03:51)

ඡන්දෙට පාසල් නිවාඩු දෙයිද?

ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කර ගැනීම, ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආරම්භ කරන බවය.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්, ලබන 19 සහ 20 යන දෙදින සකස් කිරීමට දැනට සැලසුම් කර තිබෙන බව කොමිසම සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ මැතිවරණ කොමිසමේ ඉල්ලීම් සලකා බලා පාසල්වලට නිවාඩු ලබා දීමට පියවර ගන්නා බවය.

Trending

Exit mobile version